දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොඳුරු ඔය හැටී'''''''''
දිගැසියේ I
ඈ සුන්දරය.ඒ සුන්දරත්වය විඳ ගැනීමට මා ඇයට ලං වූවා වැඩි යැයි සිතෙන්නේ දැන්ය.කඳුළු පිරිණු දෑසෙහි කිසිදා නොදුටු ආකර්ශණීය බවක් මා එදා දුටුවා නොවේද.නැති නම් තමා සතුව තිබී සිතාමතාම අහිමි කරගත් දෙයක් අසු කලෙක දුටු විට කිසිදා නොදුටු අලංකාරයක් දැකීම මිනිස් සිතේ ස්වභාවයද? ලඟ තිබෙන දෙයක වටිනා කම දැනෙන්නේ එය අහිමි වූ කලය.මා දුම්වැටිය විසිකර දමා ජනෙල් පඩිය මත හිඳගෙන ලියන මේසය වටා බිම වැටී ඇති කඩදාසි ගුලි ගණන් කිරීමට පටන් ගතිමි.මේ කඩදාසි මත ලියන්නට නොහැකි වූයේ මා ඇයට කල ආදරයේ තරම නොව ඈ මට කල ආදරයේ තරමය.වැස්සක් වී ඇද හැලුනු ඇගේ ආදරයට කුඩය ඉහිලූ මගේ මෝඩකමේ තරමය.අපේ කතාවට නැවතීමේ තිත තබා දැනට වසර දෙක තුනක් ගත වී හමාරය.වසර දෙක තුනකට පෙර පැවත නැතිව ගිය ආදරයක් ගැන සිත සිතා දුක් වන්නට තරම් මගේ සිත සංවේදී නැත.නමුත් දැන් දැන් ඒ අතීතයට යන්නට මගේ සිත ආශා කරයි.
ඈ මට මුල් වරට මුණ ගැසුනේ මගේ සොයුරියගේ පාසලට ගිය අවස්ථාවකදීය.අමතර පංතියකට සහභාගී වී ඇය බස් නැවතුම අසල මා එනතුරු බලා සිටියාය.ඇතැම් දින වල ඈ රැගෙන ඒමට පාසලට යාමට මට සිදු වේ.එයට හේතුව පාසලේ පැවැත්වීමට නියමිත නර්ථන ප්‍රසංගයේ පුහුණුවීම් පාසල් වේලාවෙන් පසුව පැවැත්වෙන නිසා සවස් වනතුරු එහෙ රැඳී සිටීමට සිදු වීමය.යතුරු පැදියේ නැඟ පාසල වෙත ගිය මට අද දක්නට ලැබුනේ නංගි ඇගේ යෙහෙළියන් දෙදෙනෙකුද සමඟ සිටින බවයි.එයින් එකියක් සුදු කෙල්ලකි.පමණට වඩා මුහුකුරා ගිය බවක් ඇගේ මුහුණේ සහ හැසිරීමෙහිද දක්නට ලැබිනි.නමුත් මා ඇස නතර වූයේ ඈ අත පටවලවාගෙන යමක් මුමුණමින් සිටි හුරුබුහුටි පෙනුමක් ඇති අනෙත් කෙල්ල ලඟයි.
ඇගේ දිගැටි ඇස් මගේ සිතේ තැවරෙන්නට එතරම් වේලාවක් ගත්තේ නැත.ඇය තලෙළුය.පියකරු පෙනුමක් ඇත.පිරිමියෙකුගේ සිතේ නැවතීමට තරම් කලාතුරකින් දක්නට ලැබෙන සුන්දරත්වයක් ඈ සතුය.සිනාසෙන විට සිහින් වන ඇගේ දෑස් දෙස දෙවරක් බලා නොසිටීමට මට නොහැකි විය.කරල් දෙකකට ගෙතූ ඇගේ කෙටි කොණ්ඩය ඇගේ දඟකාරකම විදහපෑවේය.පිටතින් කිසිඳු වෙනසක් නොපෙන්වූ මම නංගීට යතුරු පැදියට ගොඩවන ලෙස පැවසීමි.එවිට ඇය කීවේ ඇගේ යෙහෙළියන් දෙදෙනය බස් රිය පැමිණෙන තුරු මට එහි රැඳී සිටීමටය.මා එයට එක පයින් කැමැත්ත පල කර බස් නැවතුමට මඳක් ඉදිරියට වන්නට යතුරු පැදිය නතර කොට කිසිඳු වෙනසක් නොපෙන්වා පාරේ ගමන් කරන වාහන දෙස බලා සිටියෙමි.එහෙත් මා නොදැනුවත්වම මගේ ඇස් සෙව්වේ අර හුරුබුහුටි කෙල්ලවම නොවේද. ඉඳහිට හෝ ඈ මා දෙස බලතැයි මා බලාපොරොත්තු උනෙමි.එකිනෙකාට කොඳුරමින් මුකුළු කරමින් සිටි කෙල්ලන් තිදෙන අතර මා මිනිත්තු කිහිපයකට තනි වූයෙමි.
මඳ වේලාවකින් බස් රථයක් පැමිණ කෙල්ලන් දෙදෙන නග්ගවාගෙන නොපෙනී ගියේය.ඉන්පසු මමත් නංගීත් ගෙදර යාමට පිටත් වුනෙමු.මඟ දිගට මට අසන්නට සිදු වූයේද ඇගේ යෙහෙලියන් පිලිබඳවමය.මමද කිසිවක් ගණන් ගන්නා බවක් නොපෙන්වා ඇගෙන් මා සිත් ගත් දිගැසිය පිළිබඳ හැකිතාක් දුරට විස්තර දැන ගතිමි. ඈ නමින් දිනිති ය.ඈත් මගේ නංගීත් ඉගෙනුම ලබන්නේ එකම පංතියේය.
නිවසට පැමිණ ඇඟපත සෝදා ඇඳෙහි වැතිර ඇගේ රුව සිහිපත් කරන්නට වීමි. මා ඇයට වඩා ලස්සන කෙල්ලන් කොතෙකුත් දැක ඇත්තෙමි.නමුත් මට ඒ වනවිට කිසිවෙකුගෙන් නොදුටු සුන්දරත්වයක් ඇයගෙන් පෙනෙන්නට පටන් ගෙන තිබිනි.
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
පායන්න දෑස මානේ
උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගේ ගානේ
මේ හිත ම'සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොඳුරු ඔය හැටී''''
ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ගැහෙන හිත අනුහස අයදියි ප්‍රේමයේ
එය පමණක් ශෙෂය වී නම් වූ ආත්මයේ
ඔබ ගැවසෙන
මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක්
ගෑණු ළමයෝ''''
ඉටිරූපෙ අපූරුව විඳින්න
මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙන විට
මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම්
මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අදමෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක්
ගෑණු ළමයෝ'''''
ගායනය:- අමරසිරි පීරිස්
හ්ම්ම්ම්... බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා... :)
ReplyDeleteගොඩක් ස්තූතියි කතාව කියවනවට :)
Delete