හදිස්සියෙම facebook එකේ people you may know කියල තියෙන තීරුවෙ තිබිල මම හොඳට පුරුදු නමක් දැක්ක.බලද්දි මගෙ ඉස්කෝලෙ මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක්.ප්‍රොෆයිල් එකට ගිහිල්ල නිකමට වගේ බැලුව photos තියෙනවද කියල.අළුතෙන් කරපු වෙලඳ දැන්වීමක රූගත කිරීම් වලදි ගත්ත photos වගයක් තමයි මං මුලින්ම දැක්කෙ.කෙල්ල නම් දැන් මාර විදියට වෙනස් වෙලා ලස්සන වෙලා.එක පාරටම අඳුරගන්නත් බෑ.මං request එකක් දාන්නත් හදල නොදා හිටිය.මොකද මගේ හිතේ ගොඩක් ප්‍රශ්න මතු උනා.මෙයා මාව අඳුර ගනියිද? (profile එකේ තියෙන්නෙ මගේ දෙවෙනි නම.මගෙ යාළුවො දන්නෙ පළවෙනි නම විතරයි මං හිතන්නේ).අඳුරගත්ත කියමුකො ඒත් මෙය මගෙ request එක confirm කරල මාත් එක්ක chat කරයිද?ඒ කරත් අපේ පරණ යාළුකම ඒ විදියටම ආයෙමත් ඇති වෙයිද?කවදාවත් අපේ පරණ යාළුකම අපි අතරට ගේන්න බැරි වෙයි.මට හිතෙනව එයාල වෙනස් වෙලා ඇති.මතුපිටින් වගේම ඇතුලතිනුත්. කතා කලොත් ඒ වෙනස නිසා මගේ හිත ටිකක් රිදෙයි.
මගෙත් එක්ක එකට හිටපු යාළුවො දැන් ලොකු මිනිස්සු වෙලා.ඇත්තටම මට දැනෙන්නෙ ඊර්ෂ්‍යාවක්ද සතුටක්ද කියල මට වෙන් කරල අඳුරගන්න බෑ.ඒත් හදවතේ කොණක ලාවට වගේ පොඩි ආසාවක් තියෙනව යාළුවොත් එක්ක සැහැල්ලුවෙන් ගත කරපු ඒ කාලේට යන්න. අපේ හිනාහඬ , ඕපදූප,බයිට් කිරීම් වගේම රණ්ඩු සරුවල්,ඔරොප්පු වීම් අතර තිබ්බ යාළුකම ආයෙත් විඳගන්න මගෙ හිතට ආසාවක් ඇති වුනා.ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවො කවදාවත් ආය එක තැනකදි දකින්න ලැබෙන්නෙ නෑ.ඒකයි ඇත්ත.අනිත් එක උන්ට දැන් අළුත් යාළුවො හම්බවෙලා ඇති.උන් එක්ක මට වඩා ෆිට් වෙලා ඇති..මෙන්න මේ හේතූන් නිසා පරණ යාළුවො හොය හොය request යැවීම මං අතෑරල දැම්ම.
මගේ පාසල් ජීවිතේ අවසාන වුනේ ටිකක් අවාසනාවන්ත විදියට.මට උසස් පෙළ විභාගෙට කලින් පාසලෙන් අයින් වෙන්න සිද්ධ වුනා.ඒකත් කැමැත්තෙන්ම.ඒක නිසා අවසන් වසර නිමා වෙන්න ගොඩ කාලෙකට කලින්ම යාළුවන්ගෙ මතකෙන් මාව මැකිල යන්න ඇති.ඒ කාලෙ මට ඒක එච්චර ගානක් නැති වුනත් දැන් දැන් හිතට දුකක් ඇති වෙනව.පාසලෙන් අයින් වෙන්න වුනේ වැරැද්දක් කරල නෙමෙයි පවුල් පසු බිමත් එක්ක මට විදෙස් ගත වෙන්න සිද්ධ වුනා.
ඒ කාලෙ සිද්ධ වුන අකරතැබ්බයන් සහ අනෙකුත් සිදුවීම් පස්සෙ කාලෙක කියන්න බලාපොරොත්තු වෙනව.අන්තිමට කියන්න තියෙන්නෙ පාසල් කාලයේදී හමු වුන මිතුරු කම මට මේ වන තෙක් තවමත් හමු වෙලා නෑ කියල තමයි.පාසල් කාලෙ ඉවර වෙනකන් ඒ දවස් වල බලන් හිටියත් දැන් තමයි ඒ සුන්දරත්වය තේරෙන්නෙ.
තවත් බර ගාණක් ඉස්කෝලෙ යාළුවො facebook එකේදි මට මුණ ගැහිල තියෙනව.ඒත් ඒ එක්කෙනෙක්ටවත් මන් request කලේ නෑ.ඒ කාලෙ යාළුකම කවදාවත් මූණු පොත හරහා ඇති කරගන්න බෑ කියන එක තමයි මගේ නම් අදහස.ඉතින් මං ඉඳල හිටල එයාලගෙ profile මතුපිටින් බලල පාසල් ජීවිතේ තනියම සිහි කර කර විඳිනව..ඒ අතරින් මගේ හිතට වැඩියෙන්ම දුක දැනෙන්නෙ ඉස්කෝලෙ අන්තිම දවසෙ කට්ටියම එකතු වෙලා ගත්ත පින්තූරෙ දකිද්දි.ඒකෙ මං විතරයි අඩු.
සඳක් බැස ගියා අවර ගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුනා මතකයි
මම ඉමි සිහිකරලා'''''''
නෙළුම් මල් පිපුනු දෙවැට දිගේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ'''''''
විවේකයක් ලද විටදි අපී
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ හිතට වදේ
නිතරම වරදිනවා'''''
ගමේ පාසලේ වැඩට අපී
පෙරමුණ ගෙන යනවා
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා
ඉමක් කොණක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුනා සේ
මුහුණේ සිනහ රැදේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට
අද මට දැනෙනු වගේ
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ

කලින්ම පාසැල් දිවියෙන් අයින් වෙන්න වුනු එක නම් අපරාදයක් තමා!
ReplyDeleteඉතින් දන්න අදුනන අයට ඉතින් මිතුරු ඉල්ලීමක් දැම්මට වරදක් නෑ මම හිතන්නෙ!
කවිය නම් අපූරුයි. අපි කොයි කාටත් හිතෙන දෙයක්නෙ අයෙත් ඉස්කෝලෙ යන්න තියෙනවා නම් කියන එක. ලස්සනයි!
ගොඩක් ස්තූතියි අදහස් වලට.ඔය සිංදුව කියන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන කියන ගායකයා.ඒක ගොඩක් හිතට දැනුන නිසා පෝස්ට් එකට එකතු කරගන්න හිතුව. :)
Deleteහ්ම්ම්ම්.. ඔයා කියලා තියෙන දේ ඒ විදිහටම මටත් සමහර වෙලාවට දැනිලා තියෙනවා..
ReplyDeleteබලං ගියම අපි හැමෝම එකයිද මන්දා :)ගොඩක් ස්තූතියි කොමෙන්ටුවට
Delete