Saturday, June 30, 2012
හදවත කියන කථාවක්
මං තනි වෙන්න තනි වෙන්න මට ඔයාගෙ ආදරේ තවත් ඕන වෙනව.ඒක මට දැනෙනවා.මං දන්න තරමින් ගොඩක් මිනිස්සු තමන්ගෙ ජීවිතේ ගැන තෘප්තිමත් වෙන්න නෑ.මමත් ඒ අයගෙන් එක්කෙනක්.මගෙ ජීවිතේ මට සතුටු වෙන්න පුළුවන් එක්ම එක දෙයක් දැන් මාස හත අටකට උඩදි මට ලැබුන.
ඒ තමයි ඔයාගෙ ආදරේ.
ඒත් ඒ ආදරේ ලඟින් තියාගෙන විඳින්න මට වාසනාවක් නෑ.අපිටත් ආදරේ විඳින්න අයිතියක් තියෙනව කියල මිනිස්සු හිතන්නෙ නෑ.ඉතින් අතරින් පතර හිමිහිට හදවතට දැනෙන මේ ආදරේ, අයිති කරගෙන හිත පිරෙන්න විඳින්න නොලැබෙන දුකටයි මගේ අතින් මේක ලියවෙන්නෙ.
ඒත් මට එක දෙයක් විශ්වාසයි.කාටවත් තේරුම් ගන්න බැරි තරම් ලස්සන ආදරයක් අපි අතර තියෙනව.ඒක අපෙ අම්මලට ඒ වගේම සල්ලි වල බර මනින්න හදන නෑදෑයන්ට කවදහරි තේරෙයි.අපේ ආදරේ එයාලගෙ හිතේ තියෙන නියම ආදරේ කියල හිතාගෙන ඉන්න ජරා සිතුවිල්ලට ගොඩාක් දුරින් තියෙන ලස්සන ආදරයක් කියල. එතකං අපි ටිකක් ඉවසගෙන බලාගෙන ඉමු කියල හිතේ කේන්තිය තිබ්බත් මට ඔයාට කියන්න වෙනව.
*****************************************************
Subscribe to:
Post Comments (Atom)

ගලා යන දුක් කදුළු මතින් රෝස මල් පාරක සැතපෙන්නට වරම් ලැබේවා!!!!!!!
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteහැමදේම වෙනස් වේවි හැබැයි ඒකට ටික කාලයක් යයි එතකං ඉවසගෙන ඉන්නම වෙනව
ReplyDeleteස්තූතියි :)
ReplyDelete