Saturday, June 30, 2012
හදවත කියන කථාවක්
මං තනි වෙන්න තනි වෙන්න මට ඔයාගෙ ආදරේ තවත් ඕන වෙනව.ඒක මට දැනෙනවා.මං දන්න තරමින් ගොඩක් මිනිස්සු තමන්ගෙ ජීවිතේ ගැන තෘප්තිමත් වෙන්න නෑ.මමත් ඒ අයගෙන් එක්කෙනක්.මගෙ ජීවිතේ මට සතුටු වෙන්න පුළුවන් එක්ම එක දෙයක් දැන් මාස හත අටකට උඩදි මට ලැබුන.
ඒ තමයි ඔයාගෙ ආදරේ.
ඒත් ඒ ආදරේ ලඟින් තියාගෙන විඳින්න මට වාසනාවක් නෑ.අපිටත් ආදරේ විඳින්න අයිතියක් තියෙනව කියල මිනිස්සු හිතන්නෙ නෑ.ඉතින් අතරින් පතර හිමිහිට හදවතට දැනෙන මේ ආදරේ, අයිති කරගෙන හිත පිරෙන්න විඳින්න නොලැබෙන දුකටයි මගේ අතින් මේක ලියවෙන්නෙ.
ඒත් මට එක දෙයක් විශ්වාසයි.කාටවත් තේරුම් ගන්න බැරි තරම් ලස්සන ආදරයක් අපි අතර තියෙනව.ඒක අපෙ අම්මලට ඒ වගේම සල්ලි වල බර මනින්න හදන නෑදෑයන්ට කවදහරි තේරෙයි.අපේ ආදරේ එයාලගෙ හිතේ තියෙන නියම ආදරේ කියල හිතාගෙන ඉන්න ජරා සිතුවිල්ලට ගොඩාක් දුරින් තියෙන ලස්සන ආදරයක් කියල. එතකං අපි ටිකක් ඉවසගෙන බලාගෙන ඉමු කියල හිතේ කේන්තිය තිබ්බත් මට ඔයාට කියන්න වෙනව.
*****************************************************
Sunday, June 24, 2012
ආදරෙයි
වසන්තය සරසන්න
ආදරේ මල් පිපෙන
නිල්වන් නිම්නයේ
ඇවිද යමු
පෙම්වත
නැවතිල්ලේ හමන
මුදු සීත පවන් රැලි
අවුස්සන කෙහෙරොදින්
වැසී යන මගේ වත
නුඹෙ ඇඟිලි තුඩු අගින්
මෑත්කොට මොහොතකට
ආදරෙයි
පවසන්න
Saturday, June 23, 2012
නොරිඳුනු හදවත්,,,,,
මාවත දෙපස විසිතුරු සල්පිළින්
නොරිඳුනු හදවත් සොයන
සොඳුරු යැයි සිතන මිනිසුන්
නිතර සැරිසරන
ආදරයේ නගරය
පාළුවට ගිහින්දෝ,,
නොරිඳුනු හදවත් නොලද මිනිසුන්
ලැතැවුලෙන් මඟ දෙපස
දෙ අත් කම්මුලෙහි රුවාගෙන,,,
වසන්තය එනතුරු,,,,,,
පිරිමදිමි සීරුවට
නුඹේ සිත
රිදුම් දෙන තැන් සොයා
ආදරේ තවරන්න....
අතීතය මඟ දමා
පෙර නොදුටු ඉසව්වකට
ඇවිද යමු පෙම්වත
පියවරෙන් පියවර...
නුඹෙ දෙනෙත් මත රැඳුන
අපිළිවෙල හීන පෙල
දිග හැර එකින් එක
කියවා බලන්නට
''වසන්තයේ එක් දිනෙක
නුඹ සොයා එමි සොඳුර____________ ''
Subscribe to:
Comments (Atom)




